Tuesday
ස්වීයත්ව සංකල්පය
.
නූතන මනෝ විද්‍යා ක්ෂේත්‍රය තුල සුවිශේෂී වශයෙන් සාකච්ඡාවන මාතෘකාවක් ලෙස ස්ව්යත්වය පිලිබද සංකල්පය හැදින්විය හැකිය.බොහෝ මනෝ ව්දඥයින් විසින් මෙම පුළුල් සංකල්පය අර්ථකථනය කර ඇති ආකාරය දෙස බැලීමේදී ඒ බව පැහැදිලි වේ.
ස්ව්යත්වය යන්න සරල ලෙස අර්ථකථනය කල හොත් යමකු තුල තමා පිළිබද තමා දකින ආකාරය ලෙස එය හැදින්විය හැකිය.ඒ අනුව යම් පුද්ගලයෙකුගේ මනස,ශරීරය,ඇදුම් පැළදුම්,ගෙවල්දොරවල්,අබුදරුවන්,නෑදෑ හිත මිතුරන්,සමාජ තත්වය රැකියාව ආ දී වූ බොහෝ දේ ස්වීයත්වය තුලින් අර්ථවත් වේ.විලියම් ජෙම්ස් නම් මනෝ ව්දඥයාට අනුව පුද්ගලයා පිළිබදව කතා කිරීමේදී එය ප්‍රධාන පදනම් තුනක් ඔස්සේ සිදුකල යුතු බව ඔහු පෙන්වා දේ.
01 . භෟතික මා
02 . සමාජීය මා
03 . ආද්‍යත්මික මා
භෟතික පුද්ගලයා යන්නට යමෙකුගේ ශරීරය,ඇදුම්පැළදුම්,ගේ දොර යනාදිය ඇතලත් වේ.සමාජීය මා යන්නට නෑදෑ හිත මිතුරන් ගේ පිළිගැනීම සහ ඔවුන්ගෙන් ලැබෙන දේ ඇතුලත් වේ.එය පුද්ගලයා හා සම්බන්ධයෙන් වැදගත් සාධකය ද වේ.
තමා කව්ද යන්න විමසීමේ දී ස්‌වයං සිද්ම ආත්ම සංකල්පය වැදගත් වේ.එහිදී පුද්ගලයා කිසිදු මග පෙන්වීමකින් තොරව තමා පිළිබදව අදහසක් ඉදිරිපත් කරනු ලබයි.බොහෝ විට මෙහි දී තමා ජීවත්වන පරිසරය නැතිනම් එකී පරිසරය හා වෙනත් පරිසරයන් සංසන්දනය කිරීම තුලින් තමා පිළිබද විවරණයට මැදිහත්වන බව මනෝ ව්දඥයින් පැහැදිලි කරයි.
උදා:-ගෙදර බාලයා
පවුලේ එකම ගැහැණු දරුවා
ආදී වශයෙනි.එමෙන්ම පුද්ගලයා මනෝ රටා හෙවත් ස්කිමා (Schema) වලට අනුව ද තමා පිළිබදව සිතන බව මනෝ ව්දඥයෝ පෙන්වා දෙති.කෙනෙක් තමා පරායත්ත පුද්ගලයකු ලෙසත් තවත් අයෙක් තමා ස්වාධින අයෙක් ලෙසත් දකින්නේ එම ස්කිමාවන්ට අනුව බව පෙනීයයි.මේ අනුව පුද්ගල ස්වීයත්වය සම්බන්ධයෙන් මෙම මනෝ රටා ගොඩ නගා ගැනීමේ ඇති වැදගත්කම පැහැදිලි වෙයි.
ස්වීයත්ව සංකල්පය විග්‍රහ කරන මනෝ ව්දඥයෝ ආත්ම සම්මානනය ස්වීයත්වයේ ප්‍රමුඛ ලක්ෂණයක් බව පෙන්වා දේ.ආත්මය හොද හෝ නරක යනුවෙන් කරනු ලබන ඇගයුම ආත්ම සම්මානනය ලෙස හැදින්විය හැකිය.
ස්වීයත්ව සංකල්පය තුල පුද්ගලයා හැම විටම තමා පිලිබදව ධනාත්මක ආත්ම සම්මානනයක නිරත වීමට වැඩි උනන්දුවක් දක්වන බව පැහැදිලි කරයි.”මං හරි ව්වෘත මිනිසෙක් “ යැයි යමෙක් පවසන්නේ එම ධනාත්මක ආත්ම සම්මානනය නිසාවෙනි.ඩෙරිල් බෙමි නමැති මනෝ ව්දඥයා පැහැදිළි කරන ආකාරයට “Self perception Theory” පුද්ගලයා තමා කරන කියන දේ ගැන තමාම පරීක්ෂාකර බලා තමා කව්ද යන්න නීර්ණය කරන බවයි.
ඇතැමිවිට අප විසින් කරනු ලබන ක්‍රියා විශ්ලේෂණය කරමින් පුද්ගලයා ස්වයං සංජානනයක යෙදෙන බවද ඩෙරිල් බෙමි පෙන්වා දෙයි.
පුද්ගල ස්වීයත්වය තුලදී ඔහු තමා පිළිබද ඇගයුම් කරන බවත් ඒ සදහා කෝණ දෙකක් උපායෝගී කරගනු ලබන බවත් මනෝ ව්දඥයන්ගේ අදහසයි.එනම්,
පෞද්ගලික ආත්ම සංඥාව
පොදු ආත්ම සංඥාව
පෞද්ගලික ආත්ම සිතුවිලිව වලටද පුද්ගලයා තමා පිළිබද සොයා බලා තමාගේ අභ්‍යන්තර ආත්ම සංඥාවන් පිළිබද සොයා බලා පමණක් කටයුතු කරයි.ඇතැමි විට බාහිර ලෝකය ප්‍රායෝගික ලෝකය අනුමත කලත් නොකලත් තමා එය හරි යැයි සිතා කටයුතු කිරීම එම ස්වීයත්වයේ ලක්ෂණය කී.පොදු ආත්ම සංඥාවේද නිරන්තරයෙනම අන් අය තමන් පිළිබදව කෙසේ සිතන්නේද යන්න පිළිබදව අවධානය යොමු කරයි.ඔවුන් යම් ක්‍රියාවක් කරන ක්‍රමය ගැන සැලකිලිමත් වෙයි.මන්ද අන් අය අදහසක් ඇති කර ගන්නා හොදම ක්‍රමය එය බැවිනි.
ස්වීයත්ව විශ්ලේෂණය (Analyzing Self) පුද්ගලයා එදිනෙදා ජීවිතයේදී තමාගේ ආත්මය පිලිබදව විශ්ලේෂණයක යෙදෙයි. තමාගේ මනසට එබී බලයි.සාමාන්‍යයෙන් මෙහිදී පුද්ගලයා සමාජයේ අන් අය කරන ක්‍රමය දෙස බලා තමා ගැන අදහසක් ඇති කර ගනී.ආත්මය ස්වීයත්වය පිලිබදව එසේ අන්තරාවලෝකනයෙහි යෙදීමට නිවැරදි මානසික තත්ත්වයක් තිබිය යුතුය.
ඇගයුම් හැකියාව හා ස්වීයත්වය
පුද්ගලයා පිළිබදව කතා කිරීමේදී ඇගයුම් හැකියාවද වැදගත් වෙයි.සෑම අයෙකුම ස්වීයත්වය අදහස තුළ ද තමාගේ හැකියාවන් පිළිබදව ඇගයීමක් කරන බව දැකිය හැකිය.පෙරස් ෆොස්ටින්ග්ර් නැමති මනෝ විද්‍යාඥයාට අනුව සෑම අයෙක්ම තමන්ව වෙනත් අය සමග සංසන්දනය කරමින් ඇගයුම් ක්‍රියාවලියෙහි නිරත වන බැව පැහැදිලි වේ.මේ අනුව ස්වීයත්වය පිළිබද අදහස සෑම පුද්ගලයෙකු තුලින් ප්‍රකට වන්නක් බවත් එය පුද්ගල ජීවිතය අවබෝධ කරගනු ලබන ආකාරය ලෙසත් හැදින්විය හැකිය.
ස්වීයත්වය පිළිබද කාල් රොජර්ස් ගේ මානුෂවාදී ප්‍රවේශය.
මෙතක් පැවති මනෝවිද්‍යාත්මක න්‍යායන්ට වෙනස් සංකල්පයක් ඉදිරිපත් කරමින් නව සංකල්පයක් ගොඩ නැගූ මනෝවිද්‍යාඥයෙකු ලෙස කාල් රොජර්ස් හැදින්විය හැකිය.ඔහු පුද්ගල පෞර්ෂය සංවර්ධනය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකළ අතර ස්වීයත්වය පිළිබද නව අදහසක් ඉදිරිපත් කළේය.
ස්වීයත්ව සංකල්පය හා කාල් රොජර්ස්.
මිනිසා ලෝකය තුළ සැරිසරන විට අත්දැකීම් රැසකට මුහුණ දෙන බවත් එම අත්දැකීම් පිරුණු ලෝකයේ ඔහු ජිවත් වන බවත් රොජර්ස් පවසයි.මේ අනුව තමා දකින ලෝකය යථාර්ථය ලෙස දකිමින් පුද්ගලයා කටයුතු කරයි. තරගකාරීබව,ආරක්ෂාවීම යන ක්‍රියාකාරකම් වලට අනුව සෑම අයෙකුම තම හැකියාවන් වර්ධනය කර ගැනීම සදහා එසේත් නැතිනම් පරිපූර්ණත්වයට පත්වීම සදහා නම්‍යතාවක්,අවශ්‍යතාවක් පවතින බව ඔහු පෙන්වා දෙයි.රොජර්ස් පවසන පරිදි මනුෂ්‍යයා යනු නිරන්තරයෙන් ඵලදායී තත්වයක් තුල සිටිමින් තම ස්වීයත්වය සංවර්ධනය කර ගැනීමට කැමැත්තක් දක්වන්නෙකු ලෙස පෙන්වා දෙයි.
ස්වීයත්වය පිළිබද අදහසේදී රොජර්ස් පෙන්වා දෙන්නේ මිනිසා යනු වර්තමානය සේම අතීතයේ ද ගොඩනැගීමක් බැවින් පුද්ගලයාගේ සෑම ක්‍රියාවක්ම ඒ සදහා බලපාන බවයි.පුද්ගල ස්වීයත්වය කෙරෙහි පුද්ගල ස්න්තාභන්තර ක්‍රියාවලිය බලපාන අතර 20%ක් සදහා ධනාත්මක ලෙස පුද්ගලයා සංවර්ධනය වන ආකාරය,මිත්‍ර සබදතා පවා වැදගත් බව පෙන්වා දෙයි.
පුද්ගලයා සමාජය සමග පවත්වන සම්බන්දතාවය අනුව ඔහුගේ ස්වීයත්වය සකස්වන බව පවසන රොජර්ස් සෑම පුද්ගයෙකු තුලම මම,මගේ යන හැගිම ඇති බව පෙන්වා දෙයි.මේ ආකාරයට තමා පිළිබද සංකල්පය ගොඩ නැගෙන බවත් එමෙන්ම සෙසු අයගෙන් ලබන සැලකිල්ලද ඊට යම් දායකත්වයක් ලබා දෙන බවත් රොජර්ස් පවසයි.සියල්ලන්ගේම හොද සැලකුම් ලැබෙන අයගේ ස්වීයත්වය සංවර්ධනය වන බවත් එසේ නොවන විට ස්වීයත්ව දුර්වලතා මතු වන බවත් රොජර්ස් පැහැදිලි කරයි.මෙම ස්වීයත්ව සංවර්ධනය සරල වුවක් නොවන අතර එය අප කුඩා කල සිටම ලබන අත්දැකීම්වල එකතුවක් බවත් පෙන්වා දෙයි.පුද්ගලයකුගේ අනන්‍යතාවය බවට පත් වන්නේ මෙම ස්වීයත්වය බැවින් 20% තුල ආත්ම විශ්වාසය ගොඩ නැගෙයි.එබැවින් එය බිද වැටීමට ඉඩ නොදී සංවර්ධනය කල යුතු ආකාරය පෙන්වා දෙයි.
පුද්ගලයාගේ චිත්ත අභ්‍යන්තරය ගොඩ නැගීම තුල ස්වීයත්වය සංවර්ධනය කල යුතු බව පෙන්වා දෙයි.පුද්ගල ස්වීයත්ව සංවර්ධනයේදී වඩා වැඩි වැදගත් කාර්යයක් සිදුවන්නේ පුද්ගල අත්දැකීම් මගිනි.එය එක් එක් පුද්ගලයා මත වෙන වෙන ගොඩ නැගෙන්නේ මෙම අත්දැකීම් ඔස්සේ ය.පුද්ගලයා පිළබද සංකල්පයේදී ත්‍රිකෝණාකාර සම්බන්දතාවයක් රොජර්ස් ඉදිරිපත් කර ඇත.
ස්වීයත්ව සංකල්පය
ප්‍රපංචමය ක්ෂේත්‍රය සමස්ථ පුද්ගලයා
ස්වීයත්ව සංකල්පය යනු පුද්ගලයාට තමා පිළිබද ඇති මතය වන අතර ඒ අනුව තමා විසින් තමාව ඇගයීමට ලක් කිරීම යි.සෑම අයෙකුම ශුභවාදී ආත්ම සංකල්පයන් ගොඩ නගා ගැනීමට උනන්දු වියයුතු බව පැහැදිලි කරයි.සමස්ථ පුද්ගලයා යනු කිසියමි එක් ගුණයක් සමහරු සමස්ථ චර්යාවටම ආදේශ නොකිරීමයි. ප්‍රපංචමය ක්ෂේත්‍රය යනු පුද්ගලයා තුල ඇති දැනුම සහ අත්දැකීම් වේ.මෙම දැනුම අත්දැකීම් මත වෙනස් වෙයි.රොජර්ස් ට අනුව මෙම ත්‍රිකෝණාකාර සම්බන්ධතාවය ඔස්සේ පුද්ගලයා සංවර්ධනය කිරීම මානුෂ්‍යවාදී අදහසකි.
රොජර්ස් පෙන්වා දෙන ආකාරයට පුද්ගලයා තුළ ස්වීයත්ව අර්බුදයක් හට ගැනීමට සමාජීය වශයෙන් එල්ලවන බලපෑම් බෙහෙවින් ඉවහල් වෙයි.ආදරය,රැකවරණය,සුරක්ෂිත බව වැනි සාධක ඉටු නොවනවිට ස්වීයත්ව ගැටුම් මතු වෙයි.ඒ තුළ මනෝවිද්‍යාත්මක ගැටළු උද්ගත වන බව රොජර්ස් පෙන්වා දෙයි.මෙම ස්වීයත්ව අර්බුදයට පිළියම් සෙවීම සදහා සමාජ පීඩනය අවම කොට පුද්ගලයා සංවර්ධනය කළ යුතුය යන්න රොජර්ස් ගේ අදහස යි.
ස්වීයත්වය පිළිබද බෞද්ධ අර්ථකථනය.
ලොව පවතින බොහෝ ආගමික ඉගැන්වීමි අතර සුවිශේෂී ආගමක් ලෙස බෞද්ධ ආගම හැදින්විය හැකිය.බුදු සමය තුළ කේන්ද්‍රීය අරමුණ බවට පත්වන්නේ ස්වීයත්ව සංවර්ධනය යි.පුද්ගලයා සංවර්ධනය කිරීම ඔස්සේ ජීවිතය පිළිබදව ගැඹුරින් අත්දැකීමට සැලැස්මක් කිසිදා බිද නොවැටෙන ගැඹුරු ආත්ම සංකල්පයන් තුලින් විමුක්තිය කරා ගෙන යාමත් එහි අරමුණ වෙයි.
බුදු සමයට අනුව පුද්ගල ස්වීයත්ව සංවර්ධනයේද මිනිස් මනසට ප්‍රමුඛතාවන් හිමිවන බව පෙනේ.මනෝ මුලික දහමක් ලෙස හදුනාගත හැකි බුදු සමය තුල මිනිස් මනස මුල් කරගෙන කරනු ලබන ක්‍රියා හොද සහ නරක වශයෙන් කොටස් දෙකකට බෙදයි.ඒ අනුව පුද්ගලයාගේ හැසිරීම මත යහපත් හෝ අයහපත් ස්වීයත්වන් ගොඩ නැගෙන බව පැහැදිලි කරයි.
බුදු දහමට අනුව මිනිස් සිතේ පිරිසුදු බව මෙන්ම අපිරිසිදු බව මත ස්වීයත්වය පිරිසිදු හෝ අපිරිසිදු වේ.මිනිස් සිතේ පිරිසිදු බව යනු උසස් ස්වීයත්වයක් වන අතර එහි අපිරිසිදු බව තුලින් ස්වීයත්ව අර්බුද හට ගන්නා බව පැහැදිළි කරයි.සෑම පුද්ගලයෙකුගේම ස්වීයත්ව සංවර්ධනය හෝ අර්බුධ හට ගැනීමට බාහිර පරිසරය බලපායි.බාහිර පරිසරයෙන් එන සාධක හේතු කොට ගෙන නිරන්තර ඇතිවන විපිළිසර සහගත ස්වභාවය නිසා පුද්ගල ස්වීයත්වයේ ගැටලු හට ගනී.එබැවින් බාහිර පරිසරය තුලින් සිත අපිරිසිදු කරන පළිබෝධ හදුනා ගෙන ක්‍රියා කිරීමේ වැදගත්කම බෞද්ධ ස්වීයත්ව සංකල්පයේ දී අවධාරනය කරනු පෙනේ.පංචශීලයෙන් තොර වීම,සතර අගතිය,ආශ්‍රය ධර්මගොඩ නැගීම ආදිය තුල ස්වීයත්වය අර්බුදයට ලක්වන බැවින් මේවයින් සිත සංවර කර ගත යුතුය.බුදු සමය අනුවද ස්වීයත්ව අර්බුධ ගොඩ නැගෙන ආකාරයේ සමාජ පරිසරයන් වර්තමානයේ ගොඩ නැගී ඇත.
කෙසේ වුවද බෞද්ධ ස්වීයත්ව සංකල්පයේද මිනිසාට තමා පිළිබද වැඩි වැදගත්කමක් ලබා දෙනු පෙනේ.ජිවිතයේ කිනම් හෝ මොහොතක තමාගේ අඩුපාඩු හදුනා ගනිමින් ස්වීයත්වය ගොඩ නගා ගත හැක.ජිවිතයේ කිනම් වයසක දී වුවත් යහපත් ආත්ම සංකල්පයන් ගොඩ නගා ගැනීමේ වටිනාකම අවධාරනය කරයි.
තවද ස්වීයත්ව සංකල්පය තුළ එහි පූර්ණ වගකීම පැවරෙන්නේ ද ඔහුටම වන අතර තමා විසින් කරන ලද ක්‍රියාවේ ප්‍රතිඵලය තමාගේ ස්වීයත්වය උසස්බව හෝ පහත් බවට පත් කරන බව පෙන්වා දෙයි.
අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජ්තී
සුද්ධිං අසුද්ධිං පචිච්න්තං
ඤාඤ්ඤ මංඤං විශෝධයේහී.
බුදු සමය තුළ ස්වීයත්වය පිළිබද සංකල්පය පංචස්කන්ධය පිළිබද ඉදිරිපත් කර ඇති අදහස් සමගද සමිබන්ධ වෙයි.බෞද්ධ ස්වීයත්ව සංකල්පය විස්තර කරන්නේ සාපේක්‍ෂ පැවැත්මක් මත හිදිමිනි.මිනිසා නිර්මාණය වී ඇත්තේ පංචස්කන්ධයකිනි.එනම් රූප,වේදනා,සඤ්ඤා,සංඛාර,වීඤ්ඤාණ යන නම රූප ධර්මයන් ගෙනි.ඒ අනුව සාපේක්‍ෂ පුද්ගලත්වය නිර්මාණය වන්නේ රූප ක්‍රියාවලිය තුළිනි.එහිදී සම්මුති වශයෙන් පනවා ගත් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන මිනිස් ස්වීයත්වය ගොඩ නගන අතර සදාකාලිකව පවතින ආත්මීය බවින් පුද්ගලයා මිදෙයි.තවද,වර්තමාන බොහෝ ස්වීයත්ව අර්බුද වලට ප්‍රමුඛ හේතු සාධකය වන්නේද මෙම නාම රුප ධර්ම පිළිබද නිවැරදි දහමක් නොමැති බවයි.ඒ අනුව විමසීමේ දී මිනිසා අර්බුද වලට පැටලීම වූ කලී වඩා නිවැරදි ලෙස ජීවිතය හා නව රුපකරන වටහා නොගෙන සංකිර්ණ සමාජයෙන් ගිලිහී යාමයි.
ස්වීයත්වය පිළිබද සාන්දෘෂ්ඨිකවාදී මතය.
මිනිස් ජිවිතයේ සැබෑ යථාර්තය ඉගැන්වීම ලෙස හැදින්විය හැකිය.සාන්දෘෂ්ටිකවාදී ගුරු කුලය තුළින් මිනිසා පිළිබද අර්ථ ගවේෂණයකට මග හදයි.දෙවන ලෝක යුද්ධ සමය පදනම් කර ගනිමින් හිටිලර් ගේ යුධ කදවුරු තුළ වධ බන්දනයට ලක් වූ මිනිසුන් ඇසුරින් වික්ටර් ෆ්‍රෑන්කල් නම් මනෝවිද්‍යාඥයා විසින් මෙම ගුරුකුලය ගොඩ නගන ලදී.
ෆ්‍රෑන්කල්ට අනුව මිනිස් ස්වීයත්වය හා සම්බන්ධ ගැටලු මතු වන්නේ ඔහුගේ අද්‍යාතමය අවබෝධ කර නොගැනීම තුලයි.පුද්ගලයා තුල ස්වභාවෙයනම පවතින හිඩැසක් ඇති බවත් එවැනි අද්‍යාතමික හිඩැස් රැසක් ඔහු අර්ථ දක්වයි.පුද්ගල ස්වීයත්ව ගැටලු උද්ගත වන්නේ මෙම අද්‍යාත්මික හිඩසෙහි බලපෑම නිසා බව පෙන්වා දෙයි.ස්වීයත්වය සංවර්ධනය කිරීමෙහි ලා මෙම අද්‍යාත්මික හිඩස පූර්ණය කිරීමට ධනාත්මක අතින් පුද්ගලයා සංවර්ධනය විය යුතුය.එහෙත් ෆ්‍රෑන්කල් පෙන්වා දෙන අකාරයටද මෙම ස්වීයත්ව සංකල්පය තුළ ගැටලු ඇති වන්නේ පුද්ගලයා ජිවත්වන සමාජ,සංස්කෘතික වටපිටාවේ බලපෑම නිසාවෙනි.එතුළින් මිනිසා තමාගේ ආත්ම සංකල්පය රක ගැනීමට අරගලයක යෙදේ.එහිදී ඇතිවන ගැටලුකාරී මානසික බිද වැටිමි මත මිනිසුන් තුළ ආතතියක් නිර්මාණය වන ආකාරය පැහැදිලි කරයි.වර්තමාන සමාජය තුළ මිනිසා මුහුණ දෙන අභියෝග රැසකි.සෑම ක්ෂේත්‍රයකම දක්නට ලැබෙන මෙම සමාජ පීඩනය පුද්ගල ස්වීයත්වයට හානි කරන බව පෙනී යයි.
පුද්ගලයට මුහුණපෑමට සිදුවන දුක්ඛදායක වේදනාකාරී සිදුවීම් සියල්ල දෙස උපේක්ෂා සහගත අයුරින් බැලිමටත් ජීවිතයට එන අභියෝග ජය ගැනීමටත් පුද්ගලයා පෙළඹීම හේතුවෙන් ස්වීයත්වය බිද වැටෙන අයුරු ෆ්‍රෑන්කල් පෙන්වා දෙයි.මිනිසා තුළ ඇතිකරන මෙම චිත්ත පීඩාවන් වායුවකට උපමා කරන ඔහු ඒ තුලින් මුළු ජීවිතය දෙසම අසුභවාදී ලෙස දැකීමට යාමේ ප්‍රතිඵලය ලෙස ස්වීයත්වය බිද වැටීම සිදුවන බව පෙන්වා දෙයි.
මිනිසා එකවර ලෝක තුනක ජිවත් වෙයි.එනම්,
1) මනෝ විද්‍යාත්මක ලෝකය.
2) ජීව විද්‍යාත්මක ලෝකය.
3) අද්‍යාත්මික ලෝකය. වශයෙනි.
මෙම ලෝක තුන අතරින් අද්‍යාත්මික ලෝකය සංවර්ධනය ට වැඩි අවධානයක් යොමු කරන අතර ජීවිතය අර්ථාන්විතව ගොඩ නගා මිනිසාගේ ස්වීයත්ව සංවර්ධනයට ප්‍රමුඛ බාධකය වනුයේ සමාජ සංකිර්ණතාවය යි.
සමාජ පීඩනය තුලින් ඇතිවන ස්වීයත්ව අර්බුදය.
නුතන ලෝකය ජයග්‍රහණයේ ලෝකයක් සේම පරාජයේ ලෝකයක් ක්ලමතයේ ලෝකයක් ලෙසද හැදින්වීමට හැකිය.ඒ මන්ද යත් සමාජයේ සංකිර්ණ බව හේතු කොට ගෙන පුද්ගලයට මුහුණ දීමට සිදුවන ගැටලු වල අවසාන ඵලය මානසික පීඩනය වන බැවිනි.
මිනිසා සමාජය සමග ගනුදෙනු කිරීමට යන ගමනේදී අසීමිත අවශ්‍යතා පසුපස හඹා යනු දක්නට ලැබේ.එහිදී නිරන්තරයෙන්ම මානසික පීඩනයන් උද්ගත වෙයි.මෙම ආතතිය,පීඩනය දිගු කාලින ලෙස පැවතීම හේතු කොට ගෙන ඔහුගේ ස්වීයත්වය,තමා පිළිබද හැගීම අර්බුදයකට ලක් වන අතර ධනාත්මක හැගීම් පහව යයි.ජීවිතය පිළිබද සුභවාදී දැක්මෙන් ඈත් වෙයි.එවිට මානසික පීඩනය තුල විවිධ කායික,මානසික වශයෙන්බිද වැටුණු අක්‍රමතා සහිත ස්වීයත්වයන් ගොඩ නැගීම වැළැක්විය හැක්කක් නොවේ.එලෙස පුද්ගලයා තුල සමාජ පීඩනයන් ඇති කිරීමට බලපාන හේතු සාධක කවරේ දැයි විමසිය හැකිය.
සමාජ වෙනස් වීම.
ශිෂ්ඨාචාරෙයහි වෙනස් වීම පදනමි කර ගනිමින් මිනිසාගේ සිතුම් පැතුම් විශාල වෙනසකට ලක්වී ඇත.ශ්‍රී ලංකාව ගතහොත් වෙළදපොල ආර්ථිකය පදනමි කොට ගනිමින් මිනිසාගේ අවශ්‍යතා අසීමිත වී ඇති අතර තරගකාරී ලෙස එකිනෙකා පරයමින් ගමන් කරනු දක්නට ලැබේ.රැකියා ආයතනය,පවුල,පාසල,සමාජය,ආගමික ආයතන වැනි සෑම තැනකම මෙම සමාජ වෙනස් වීම තුල මිනිසා පීඩනයකට ලක්ව සිටින අතර එතුළින් මනෝ විද්‍යාත්මක ගැටලු රැසක් මතුව ඇත්තේ ස්වීයත්වයට හානි පැමිණීම නිසාවෙනි.
ළමයින්ට දෙමාපිය ඇසුර අඩුවීම.
ස්වීයත්ව සංවර්ධනයේදී ළමා කාලය සුවිශේෂී ය.ආදරය,සෙනෙහස පිරුණු නිවසක දෙමාපිය ඇසුරේ වැඩෙන දරුවකුගේ ස්වීයත්වය අර්බුධයකට ලක් නොවේ.එහෙත් සමාජ වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස දරුවන්ට දෙමාපිය ඇසුර අඩු වී ඇත.මව සහ පියා යන දෙදෙනාම රැකියාවන් කරා පිටත්ව යාම සාමාන්‍ය අත්දැකීමකී. සතුටින් දරුවට දවසේ වැඩි කාලයක් දෙමාපිය සෙනෙහසෙහි රැදීමට නොහැකි වීම මත ස්වීයත්වය අර්බුද ඇතිවන අයුරු පෙනේ.
තවද වර්තමානයෙහි සුලබ අත්දැකීමකි මවිවරුන් විදේශගත වීම.මැද පෙරදිග රටවල් කරා විදේශ විනිමය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ තරුණ මවිවරුන් විදේශ රටවල් කරා ඇදී යති.එහි ප්‍රතිඵලය වන්නේ දරුවන් අසරණව ආරක්ෂාවත් නොමැතිව අතරමං වීමයි.ඔවුන්ට අවශ්‍ය ආදරය,සුරක්ෂිත බව නොමැතිවීම හේතු කොටගෙන ප්‍රශ්න රැසකට මුහුණ දෙනු දක්නට ලැබෙන අතර ස්වීයත්ව ගැටලු සහිත දරුවන් නිර්මාණය වෙයි.
බිද වැටුණු පවුල්.
සංකිර්ණ සමාජය තුල බිද වැටුණු පවුල් වල ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ.ස්වාමියා සහ බිරිද අතර බිද වැටුණු සම්බන්දතා සහිත පවුල් හේතුවෙන් සමස්ථ සමාජයේම මිනිසුන්ගේ ස්වීයත්වය අර්බුදයකට ලක් වෙයි.මෙලෙස බිද වැටුණු පවුල් වර්ග ගනනාවක් හදුනා ගත හැක.
1) මනෝ විද්‍යාත්මක හා චිත්තවේගී දික්කසාද.
එක් පවුලක් ලෙස ජිවත් වුවත් ලිංගික සම්බන්දතා දක්නට නොලැබේ.එකිනෙකාට ගරු කිරීමක් නොමැත.දරුවන් අතරද පැහැදිලි සම්බන්ධතාවක් මෙවැනි පවුල් තුලින් දක්නට නොලැබේ.
2) Separation.
දික්කසාද වී දෙදෙනා දෙපැත්ත ට වී සිටියි.මෙයද ස්වීයත්ව ගැටලු මතු කරන තත්වයකි.
3) දික්කසාද -Divorce
නිත්‍යානුකූලව වෙන් වී දරුවන් දේපල බෙදා ගෙන වෙන්ව සිටින තත්වයක් වේ.
පාසල ආශ්‍රීත
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment